Thursday, February 10, 2011

කියවීම්, ලිවීම,තවත් දේවල් සහ නොදන්න දේවල්













කියවීමේ වින්දනය දැන් ඉස්සර වාගෙ නෑ.
ඒ මදිවට මම ලියන්නත් පටන් ගෙන
ඒකත් එක හේතුවක් වෙන්න ඇති.
ඉස්සර නම් වැදගත් උනේ කතාව.
වීරයෝ, මායාකාරයො, පෙම්වත්තු, දුෂ්ටයෝ
දැන් තව වෙනත් දේවල්.
යටි අරුත්, දර්ශන, තේමාව
ඡේදයක් දෙකක් අත අරින්නත් ලෝබයි.
මොකක් හෝ නොදන්නා දෙයක් මහා තේරුමක් මග ඇරෙයි කියල හිතෙන තරම්.
ලෝක විනාසෙටත් වඩා භයානකයි කියල හිතෙනව එහෙම උනොත්.
වචන වල විවිධාර්ථ. පරිවර්තන වලදි හැලිල යන දේවල්.
වද වෙන්න කාරණා බොහොමයි.
බරපතල දේවල් සහ ජීවිතය දැනගන්න -කියවන්න.
හිතන්න උගන්නන්න පොතකට පුලුවන්ද?
ආපහු පරණ කියවීමට යන්න ඕනෙ කියල හිතෙනව

එතකොට ලිවීම?
ලිවුවෙ නිදහස් වෙන්න හිතාගෙන
අදහස් අකුරු වලටත් චවන වලටත් හරවන්න
නිදහස සම්පූර්ණ වෙන්න තව කෙනෙක් කියවන්නම ඕනෙද?
පාඨකයෝ
ඒ අයගෙ අදහස් උදහස් ප්‍රශංසා මඩ
ඒ අයගේ කැමැත්තවල්
පෞද්ගලික දැන හැදුනුම් කම් දියුණු වෙද්දි
උන්ගෙ පැවැත්ම පෑනට බරක් වෙන්න ගද්දි
අදහස් තවදුරටත් මගේම නොවෙයි කියල දැනෙද්දි.
නිදහස??
ලබන්නෙ කොහොමද?
පොරත්වය කියල හිතාගෙන නිදහස් වෙලා
යකාට ගියදෙන්! කියල ලියනව මිසක.








4 comments:

  1. කවුරුත් දන්නේ නැති කාලේ ලියපු තරම් සැහැල්ලුවකින් අනික් අය දැන අඳුන ගත්තම ලියන්න බහැ . නිදහසේ ලියැවෙන්න දෙන්නේ නැහැ අරුන් මන් ගැන මොනා හිතයිද කියලා හිතෙන නිසා. අනේ මන්දා පොරක් නොවී පොරක් කියලා හිතාගෙන ඉන්න නිසාද කියලා.

    ReplyDelete
  2. මේ අවුල විටින් විට මටත් එන කේස් එකක්. දැන් මේක අඳුනගන්න කරන උත්සාහයක ඉන්නේ... හිතන්න තියෙන සීමිත කාලෙත් එක්ක ඒකෙන් ආයෙ ගැලවෙන්න සෑහෙන කාලයක් යයි මට...

    ReplyDelete
  3. අපේ පැවැත්ම(ලියන්නාගෙ) අනුන් තුල ස්ථාපනය කරද්දි ඒකට ඒ අයගෙත් යම් යම් දේවල් මුසු වෙන්න ඕනෙ හින්දද මන්ද?(හරියට ආදරේ කරන කෙනාගෙ රුචි අරුචිකම් එක්ක ගලපගන්න බලනව වගේ)

    සමහර විට නියම නිදහස් වීම කියන්නෙ අතට අහුනොවී හිරවෙච්ච අදහසක්, හැඟීමක් ලියන බසට පෙරලීමක් විතරක් වෙන්න ඇති. එතනින් එහාට ඒක තව කෙනෙක්ට කියවන්න දෙද්දි සහ ඊට පස්සෙ වෙන දේවල් නිසා ආතල් එක කෙළවෙනවත් ඇති.

    ReplyDelete
  4. ඒ නිසා හිතේ මැවෙන ගොඩක් දේවල් එතනදිම විඳල අවසාන කරල දාන එක ගොඩක් ලේසියි වගේ. නැත්නම් ඒ ගැන අවබෝධයෙන් කතාකරන්න පුළුවන් කවුරු හරි එක්ක ශෙයා කරගත්තම හරි. එහෙම නැතිව ලෝකෙට කියන්න ගියාම ඕක මෙහෙමයි අරහෙමයි කිය කිය කට්ටිය මතවාද දාලා අන්තිමේ අපි හිතපු දේ නෙවෙයි ඉතිරි වෙන්නේ... :D

    ReplyDelete