Friday, February 11, 2011

අවදිය හෙවත් මැක්කා ගැන රචනයක්


අවදිවීම.

එක එක විදිහට ගන්න පුලුවන්.
නින්දෙන් අවදිවීම එකක්.
තව සමහරු ජීවිතයෙනුත් අවදිවෙනව. හිටිගමන් අලුත් උද්‍යෝගයකින්, අලුත් දැනුමකින් සහ ලාලසාවකින් ජීවිතේට මුහුණ දෙනව. ආපහු කාලයක් යද්දි ඒ දේවල් සාමාන්‍ය කරණය වෙලා එයාල ජීවිතය ඇතුලෙම නින්දට වැටෙනව.

ජීවිතය ගැනත් අවදිවීම ගැනත් කතාකරන චිත්‍රපටයක් බලන්න මෑතකදි වාසනාව ලැබුණ.

චිත්‍රපටයේ නම  Awakenings

කතාව ටිකක් අසාමාන්‍යයි හැබැයි සත්‍ය සිදුවීමක් ඇසුරින් තැනුනක්.
නවසිය හැට ගණන් වලදි එක්තරා රෝහලකයි මේ සිදුවීම වෙන්නෙ. දශක ගණනාවක් තිස්සේ ලෝකයටත් කාලයටත් අසංවේදීව ගල්ගැසී හුන් රෝගීන් පිරිසක් ඔවුන් හට ප්‍රතිකාර කරන නවක වෛද්‍යවරයෙකුගේ කැපවීම සහ උනන්දුව හේතුවෙන් අවදි වන්න පටන් ගන්නව.

ඔවුන් ජීවිතයට මුහුණ දෙන්න පටන් ගන්නව. වසර ගණනින් අත්හැරුණු ජීවිතත් එක්ක.

අලුත් පිබිදීමත් එක්ක රෝගීන් මෙන්ම වෛද්‍යවරයාත් ගෙනයන සටන තමයි සිනමාපටය පුරාවට දිග හැරෙන්නෙ.

රොබට් ඩි නීරෝ සහ රොබින් විලියම්ස් මෙහි ප්‍රධාන චරිත දෙකක් රගපානව. රංගනය නම් විශිෂ්ටයි.

අනූගණන් වලින් පස්සෙ රොබට් ඩි නීරෝ කියන දක්ෂ රංගන ශිල්පියට මෙවැනි හොඳ චරිත රැගත් චිත්‍රපට නොලැබීම අවාසනාවක් හැටියටයි මම දකින්නෙ.

අවදිවීම් ගැන කියද්දි මතකයට එන තවත් චිත්‍රපටයක් ගැන නොකියම බෑ


වෙනස් විදිහක චිත්‍රපටයක්. මේකෙ මුල මැද අග සහිත කතාවකට වඩා ජීවිතය, අවදිය සිහින එක්ක එක එක දාර්ශනික මතිමතාන්තර පිළිබදව කෙරෙන සාකච්ජා වලින් ගහණ රූපරාමු එකතුවක් වගේ. සොෆීගෙ ලෝකය කැමැත්තෙන් කියෙවුවනම් මේ චිත්‍රපටයත් බොහෝ දුරට අල්ලල යයි. 



මේක හාස්‍ය මුසු සරළ කතාවක් රැගත් චිත්‍රපටයක්. නෙඩ් ඩිවයින් කියන පුද්ගලයට ‍විසාල ත්‍යාග මුදලක් සහිත ලොතරැයියක් ඇදෙනව. නමුත් අවාසනාවකට සන්තෝසය දරාගන්න බැරිව ඊළග මොහොතේ ඔහු හෘදයාබාධයකින් මියයනව. 

මියගිය නෙඩ් ඩිවයින්ට ලැබිය යුතු ඉහත කී ලොතරැයි දිනුම ලබාගන්න ප්‍රයෝග කරන තවත් අසල් වැසියන් දෙදෙනෙක් වටා ගෙතුනු විනෝදාත්මක කතාවක්.


අවසාන වශයෙන්...

සින්දුවක්.










4 comments:

  1. තවම ලියවිලි වල එල්ලයක් නැති ගතියක් දැනෙනවා මට...!
    සිතුවිලිත් විසිරිලාද ඒ වාගේ...?

    ReplyDelete
  2. මටත් සෑහීමකට පත් වෙන්න නම් අමාරුයි තමයි අයියෙ :(
    සිතුවිලි එල්ලයකට වචන කරන එක අමාරුයි කඩින් කඩ ලිවීමත් එක්ක.
    ඒකට තමයි මේ බැරි බැරි ගානෙ ට්‍රයි එකක් දෙන්නෙ.
    බලමුකො ඉස්සරහට කිඹුල උදලු තළ වගේ කපන්න කපන්න මුවහත් වෙයිද කියල :)
    ස්තූතියි තිස්ස අයියා මේ දිහාවෙ ආවට.

    ReplyDelete
  3. මේව තියෙනව නේ උඹ ගාව... මකන්න එපා. මම බාන්නෙත් නෑ... ධාරිතාව උස්සගෙන මාර්තුවෙ මම එන්නම්... අර මුල්ම එක බලලද මන්දා මුන්බ භායි හැදුවේ...

    ReplyDelete
  4. එල එල. බඩු හෑව්.

    නැහැ මචන්. මම අහල තියන විදිහට ඒක මෙන්න මේ ෆිල්ම් එක
    http://www.imdb.com/title/tt0129290/

    ReplyDelete